← Back to Dictionary
SINHALA WORD

ආ

Meanings

  1. සිංහල හෝඩියේ දෙවැනි අකුර
  2. ස්වර අකුරෙන් දෙ වැන්න
  3. ‘අ’ යන්නෙහි දීර්ඝ ස්වරය
  4. පංච පක්ෂයෙහි හේරුණ්ඩ පක්ෂියාට ද බ්‍රහ්මයාට ද හිමි අක්ෂරය
  5. කැති නැකතට අයත් අක්ෂරය
  6. වස් කවි සෙත් කවි බැදීමේ දී මහිෂ යෝනියට හිමි අක්ෂරය
  7. සීමාව හැඟවීමට යෙදෙන උපසර්ගයක් (තෙක්, දක්වා - නිද: ආකණ්ඨ කණ්ඨය තෙක්)
  8. වයස් ප්‍රමාණය
  9. ජීවත් වන කාලය
  10. ආයුෂය
  11. ජීවිතය
  12. අය බදු ආදියෙන් ලැබෙන මුදල
  13. ආදායම
  14. ආදිය
  15. මුල
  16. ආරම්භය
  17. ආවා වූ
  18. පැමිණියා වූ
  19. පැවත ආ
  20. පරම්පරාවෙන් හිමි වූ
  21. යොදා තිබෙන
  22. ඇතුළත් වන
  23. පුදුමය
  24. මවිතය හැඟවීමට නාසික හඬින් යෙදේ ( නිද: ආ! ඉතින්?)
  25. අවධානය යොමු කිරීමට නාසික හඬින් යෙදේ (නිද: ආ! බත් කාපන්)

Content sources are listed on the About page.